‍ හොර පාරෙන් ඉතාලි යන්න බැරිවෙයි

ව්‍යාජ වීසා භාවිතා කරමින් ඉතාලියට යාමට පැමිණි උතුරේ තරුණයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (23දා) අත් අඩංගුවට ගනු ලැබීය. සැකකරු යාපනය චුන්නාකම් ප‍්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. මේ අතර 2010 වසරේදී නීතිවිරෝධී අයුරින් ඔස්ට්‍රේලියාව බලා පිටත්වූ මීගමුවේ පදිංචි 37 හැවැරිදි පුද්ගලයෙක් ඊයේ (23දා) නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව […]

Read More

හෙට ලෝකයට අද පියනමන ඉතාලියේ ලාංකිකයන්

රැකියාවන් බලා ඉතාලි ගොස් සිටින අති බහුතරයක් දෙනා සිය කාලය උපරිමයෙන් යොදා ගනු ලබන්නේ පැය කියක් හෝ වැඩියෙන් වැඩකර වැඩි මුදලක් හම්බකරගැනිමටය.ඒ හැරෙන්නට යුරෝපයේ නුතන ලෝකයත් සමගින් මුහු වි අළුත් වන්නට ඒ බහුතරයක් දෙනා අකමැතිය.එයිනුත් අළුත් යමක් ඉගෙන ගන්නට කිසිවෙකුත් කැමැති නැතිවා සේය. එවන් පසුබිමක මීගමුවේ යුවලක් ඔවුන් උගත් ශිල්පය යුරෝපයේ නුතනත්වය කදිමට ගලප්පාගෙන දිගු […]

Read More

වැඩිපුර උපත් පාලන උපකරණ විකිණෙන්නේ අඩු වයස්‌ දරු දැරියන්ට

කාලය ගෙවී යයි. උපදියි. මියයයි. සොබාදම එයයි. උසස්‌ මනසක්‌ ඇත්තා මිනිසා යෑයි සම්මතයක්‌ පැවතිය ද එය මුසාවක්‌ බව පෙනෙන්නට තිබේ. අද දවස ගත කරන ස්‌වභාවය අනුව හෙට දවස තීරණය වන බව මේ උසස්‌ මනසක්‌ ඇත්තා නොදන්නා සේය. මිනිසා යන සත්ත්වයාගේ පැවැත්ම රදා පවතින්නේ පවුල යන සංකල්පය මතය. එහෙත් අද වන විට සාම්ප්‍රදායික පවුල මූලික වෙනස්‌වීම් […]

Read More

අරාබියේ නිවාස සංකීර්ණයක ගින්නක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලක ගින්නක් ඇති වී තිබේ.සුළඟ හේතුවෙන් ගින්නෙහි පැතිරීම වර්ධනය වුවද මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවත්, ගින්න මේ වන විට මැඩ පවත්වා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මීටර 336.1ක උසකින් යුත් මෙම ගොඩනැගිල්ල ලොව උසම නිවාස […]

Read More

රට යන අයටත් දරුවන්ටත් ද ෆිනෑන්ස් වෙතින් ණය

ශ්‍රී ලංකාවේ ප්‍රථම හා ප්‍රමුඛතම මූල්‍ය ආයතනය වන ද ෆිනෑන්ස් (ඊජ්ඛ්) සමාගම රට රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇත.විදේශ රැකියාවකට යෑමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට කඩිනමින් ණය මුදලක් ලබාගත හැකිය.මෙහි විශේෂත්වය වන්නේ රට රැකියාවට යන අයගේ පවුල්වල සාමාජිකයන්ගේ දියුණුව උදෙසාද ද ෆිනෑන්ස් සමාගමේ අනුග්‍රහය ලබාදීමයි. දරුවන්ගේ වෘත්තීය සහ කාර්මික […]

Read More

රටවල් 17 ක තානාපති කාර්යාල සුබ සාධන නිලධාරීන්ට වැඩ වරදී

ශ්‍රී ලාංකිකයන් සේවය කරනු ලබන විදේශ රටවල් දාහතක තානාපති කාර්යාලවල සේවය කරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශ සුබ සාධන නිලධාරීන් සියලුදෙනා ඉදිරි සති දෙකේදී යළි මෙරටට කැඳවන බව විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරාළ මහත්මිය පැවසුවාය. දැනට දීර්ඝ කාලයක සිට අදාළ තානාපති කාර්යාලවලට අනුයුක්‌තව සේවය කරනු ලබන මෙම සුබ සාධන නිලධාරීන් මෙරටට ගෙන්වීමෙන් පසුව දැනට […]

Read More

ගෘහ සේවිකාවන්ගේ දේශය ලෙසින් ‘කිරුළු පලන්’ ලංකාවේ කඳුළු කතාව

පසුගිය දිනක පුවත්පතක පළ වී තිබූ “පුංචි පුවතකට” මගේ ඇස යොමු විය. එම පුවතේ සිරස්‌තලය වූයේ “හයේ දුව කෙලෙසුවයි 38 හැවිරිදි පියා සැකපිට” යනුවෙනි. පුවත මෙසේය. “….හය හැවිරිදි දැරියක දූෂණය කළ බවට කියන ඇගේ පියා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි. එම ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරක්‌ අනුව සැකකාර පියා […]

Read More

මැද පෙරදිගින් එන පාර්සල් රේගුවෙන් ඔබේ ගෙදරට ම

මැද පෙරදිග සිට මෙරටට පැමිණෙන ජනතාවගේ භාණ්ඩ හා ත්‍යාග පාර්සල් ලබන මාර්තු මාසයේ සිට ‘දොරින් දොර’ වැඩසටහන යටතේ නිවසටම ගෙනිහින් දීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා රේගුව මඟින් දියත් කෙරේ.ශ්‍රී ලංකාවට විදේශ විනිමය රැගෙන එන ජනතාවට සේවයක් ලබාදීමේ අරමුනින් අදාළ ගමන් මලු හා පාර්සල් විශේෂිත ස්කෑනින් යන්ත්‍රයක් යටතේ පරීක්ෂාවට ලක් කොට පුද්ගලික ආයතනයකින් සිය සේවාව ආරම්භ කෙරේ. […]

Read More

ලාංකිකයන් ගහෙන් බේරා ගන්න හකීම් සෞදියේ

සත් වසරකට පෙර සෞදි අරාබියේ ජෙඩා නුවරදී හැට හැවිරිදි යේමන ජාතිකයකු මරා දැමු වරදට වැරැදිකරුවන් වු ශ්‍රී ලාංකිකයන් හය දෙනා අතුරින් තිදෙනකුට පනවා ඇති මරණ දඬුවම පිළිබඳව යම් සහනයක් ලබා ගැනීමේ අරමුණින් ඇමැති රවුෆ් හකීම් මහතා සෞදි රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ජෙඩා නුවර ශ්‍රිලංකා කොන්සල් ජනරාල් ආදම් බාවා උතුමාලෙබ්බේ කියයි. මිය ගිය අයගේ […]

Read More

විදෙස්ගත ලාංකිකයන්ට ඡන්ද අයිතිය ඉල්ලා සිටි රන්ජන් කෝ?(VIDEO)

විදෙස්ගත ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දියයුතු බව රන්ජන් රාමනායක මහතා මැතිවරණයට පෙර සඳහන් කළේය.ඔහු බලයට පත්වූ රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකි.ඔහු කී දෙය කරයිද?අපි බලා සිටිමු. Post by Videsha Sewa.

Read More