ශ්‍රමිකයන් හොරෙන් රට යැව්වොත් වැඩ වරදී

ඇතැම් රැකියා ඒජන්සිකරුවන් විසින් ලියාපදිංචියකින් තොරව හොර රහසේ ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බවත්, ඒ පිළිබඳ සියලු තොරතුරු තමා සතු බවද තරාතිරම නොබලා ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා බවද විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසීය.

එමෙන්ම විදේශ ශ්‍රමිකයන්ටද ගුවන් තොටුපොළේදී සිදුවන අපහසුතා මගහැරවීමට අදාළ පාර්ශවයන් සමග සාකච්ඡාකර අවසන් ක්‍රියාමාර්ගයන් ගන්නා බවද අතුකෝරල මහත්මිය පැවසුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.